FGI Com Settings – Part 02 – FGI Lessons – 03

Last Updated: February 16, 2025By

FGI Com – Extreme Zones

FGI ඉන්ඩිකේටර් සම්බන්ධ, සම්පූර්ණ පාඩම් මාලාව යටතේ, අද අපි ඔබ වෙත ගෙන එන්නේ, FGI Com ඉන්ඩිකේටර් එකේ settings සම්බන්ධ, දෙවන වීඩියෝවයි.

FGI indicator එකේ Settings යටතේ, මීළඟට අපට මුණ ගැසෙන්නේ, Price Extreme Zones යන ගෘප් එකයි. ඒ යටතේ තිබෙන Show main price extreme zones යන්න ඔන් කළ විට, ප්‍රධාන price Extreme Zone එක චාර්ට් එකේ දර්ශනය වෙනවා.

ඉන් පසු තිබෙන Show Sub Price Extreme Zones යන්න ඔන් කල විට, Sub price extreme Zone එක පෙන්නවා. මේවා Trade වලට යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන්, ඉදිරියේ දී අපි වෙනම සාකච්ඡා කරනු ලබනවා. 

Signal Options 1 & 2

මී ළඟට තිබෙන්නේ, signal options 1 and 2 යන ගෘප් එකයි.

ඒ යටතේ මුලින්ම තිබෙන, pull backs and relief rallies යන්න ඔන් කළ විට, චාර්ට් එකෙහි රතු පාටින් සහ නිල් පාටින් ct යන ලේබල් දර්ශනය වෙනවා.

නිල් පාටින් දිස් වෙන ct ලේබල් වලින්, relief rally ඇති වීමේ අවස්ථාවත්, රතු පාට ct ලේබල් වලින් pull backs ඇති වීමේ අවස්ථාත් පෙන්වනවා.

ඉන් පසු තිබෙන counter trend යන්න ඔන් කළ විට, rLong සහ rShort ලෙස ලේබල් දෙකක්, චාර්ට් එකේ දිස්වෙනවා. එම ලේබල් මගින් Trend එකට විරුද්ධව යන, Long Short අවස්ථා පෙන්වනවා. මෙම ලේබල් චාර්ට් එකේ පෙන්වීමට නම්, Show Last signals only යන්නත් ඔන් කර තිබිය යුතු යි.

මී ළඟට තිබෙන Look back to combine signals යන්න සෑම විටම ඔන් කර තැබිය යුතු setting එකක්. එය ඉන්ඩිකේටර් එකේ, ගණනය කිරීම් උදෙසා භාවිතා කරනු ලබන සැකසුමක්.

FGI Com – Signal Options 3

FGI ඉන්ඩිකේටර් එකේ Settings යටතේ, මී ළගට තිබෙන්නේ Signal Option 3 යන ගෘප් එකයි.

ඒ යටතේ, මුලින්ම තිබෙන Trend Follow signal Option 3 (risk high) යන්න ඔන් කළ විට, චාර්ට් එකේ රතු පාට සහ නිල් පාට, ඊ තල සළකුණු දෙකක් පෙන්වනවා.

එසේ ඊ තල වලින් පෙන්නුම් කරන්නේ Trend Follow Entry signal වේ.

ඉන් පසු තිබෙන Lower Trend follow risk යන්න ඔන් කළ විට, අලු පාටින් Buy / Sell ලේබල් චාර්ට් එකේ පෙන්වනවා. මේවා සම්බන්ධයෙන් පසුව විස්තර වශයෙන් සාකච්ඡා කරනු ලබනවා. 

මී ළඟට තිබෙන Show Trend Follow Entry Zone යන්න ඔන් කළ විට, චාර්ට් එකේ රතු පාට සහ නිල් පාට zone දෙකක් පෙන්නුම් කරනවා.

මෙම Zone වලින් Trend එක මෙන් ම, Trend Follow Trade Entries ලබා ගැනීම පිණිස අවශ්‍ය වන, support, resistance Zones පෙන්නුම් කරනවා.

FGI Com – Signal Options 4

FGI ඉන්ඩිකේටර් එකේ settings යටත‌ේ, මී ළගට තිබෙන්නේ Signal Option 4 යන ගෘප් එකයි.

ඒ යටතේ මුලින් තිබෙන්නේ, Show Buy Sell Opportunities යන්න යි. එය ඔන් කළ විට, චාර්ට් එකේ කොල සහ රතු පාටින් Buy Sell signals පෙන්වනවා. 

ඉන් පසු තිබෙන, Show weak long short opportunities යන්න ඔන් කළ විට, චාර්ට් එකෙහි පාට කිහිපයකින් සිම්පල් sh, සහ ln යන ලේබල් දිස් වෙනවා. මේවාගෙන් Long සහ Short කිරීමට අවස්තාවන්, සොයා ගත හැකි වෙනවා. 

මී ළගට තිබෙන Show momentum Shift යන්න ඔන් කළ විට, චාර්ට් එකට රතු පාට සහ නිල් පාට කුඩා කතිර සළකුණු ඇඩ් වෙනවා. ඒ වාගෙන් මාර්කට් එකේ, මොමෙන්ටම් එකෙහි වෙනස් වීම් පෙන්වනවා.

ඉන්පසු තිබෙන Show swing Signals යන්න ඔන් කළ විට, දම් පාටට සහ කොළ පාටට කැපිටල් අකුරු වලින් sh සහ LN යන ලේබල් චාර්ට් එකෙහි දිස් වෙනවා. මෙම සිග්නල් ස්විං ට්‍රේඩ් කිරීමට භාවිතා කළ හැකි යි.

මෙම සියලු සිග්නල් වර්ග Trade වලට භාවිතා කරන ආකාරය, වෙන වෙනම ඉදිරියේදි වීඩියෝ වලින් පැහැදිලි කරන්නට බලා පොරොත්තු වෙනවා.

ඉන් පසු තිබෙන Signal Filtering යන ගෘප් එක යටතේ ඇති, Show Last signals Only යන්න ඔන් කළ විට, ඉහත දී අප කථා කළ සියලු සිග්නල් වර්ග වල, අවසාන සිග්නල් පමණක් චාර්ට් එකේ ඉතුරු වී, අනිත් ඒවා ඉවත් වෙනවා. චාර්ට් එක වඩාත් පැහැදිලිව පවත්වාගෙන යෑම පිණිස, මෙම setting එක වැදගත් වෙනවා.

මී ළඟ වීඩියෝ එකෙන් අපි FGI Com ඉන්ඩිකේටර් එකේ සෙටිංස් සම්බන්ධයෙන්, තවදුරටත් පැහැදිලි කර ගනිමු.

ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා! ඔබට සුභ දිනයක් පාර්ථනා කරනවා.

latest video

Mail Icon

news via inbox

Nulla turp dis cursus. Integer liberos  euismod pretium faucibua

Leave A Comment