FGI Com Settings – Part 01 – FGI Lessons – 02
FGI Com ඉන්ඩිකේටර් එකේ Settings ගැන ඉගෙන ගනිමු.
FGI ඉන්ඩිකේටර් සම්බන්ධ සම්පූර්ණ පාඩම් මාලාව යටතේ, අද අපි ඔබ වෙත ගෙන එන්නේ FGI Com ඉන්ඩිකේටර් එකේ settings සම්බන්ධ පළමු වීඩියෝවයි.
අපි මින් පෙර වීඩියෝ එකෙන් පෙන්වා දුන් ආකාරයට, FGI COM ඉන්ඩිකේටර් එක චාර්ට් එකට ඇඩ් කරගත් පසුව, එහි settings window එක ඔ්පන් කරගැනීම පිණිස, ඔබ කළ යුත්තේ, ඉන්ඩිකේටර් එකේ නමට ඉදිරියෙන් පෙන්වන, settings icon එක මත ක්ලික් කිරීම යි.
එවිට මේ අයුරින් settings window එක ඔබට දැක ගත හැකියි.

එහි Inputs නැමති ටැබ් එක යටතේ මුලින් ම ඇත්තේ, Source යන්න යි. එමගින් පෙන්නුම් කරන්නේ, මෙම ඉන්ඩිකේටර් එකේ අදාළ ගණනය කිරීම් උදෙසා, භාවිතා කර ඇත්තේ කැන්ඩල් වල, closing Price එක බවයි.

ඉන් පසුව තිබෙන්නේ Fibonacci Multiplication Value ලෙස පෙන්වන අගයක්. එහි අගය ලෙස සදහන් කර ඇත්තේ, 2.618 ලෙස යි. මෙම අගයද වෙනස් කරගනිමින්, අත්හදා බැලීම් සිදු කළ හැකි වුවත්, එම අගය 2.618 ලෙසම, පවත්වාගෙන යෑම සුදුසු යි.
S/R Levels
මී ළගට s/r levels යන ගෘප් එක යටතේ තිබෙන්නේ, FGI com ඉන්ඩිකේටර් එකේ ප්‍රධාන Support, resistance සහ Mid ලෙවල් වලට අදාළ settings.
ඉන් පසුව ඇත්තේ Extend s/r levels යන්න යි. එය ඔන් කළ විට, කලින් පෙන්වූ සපෝට් රෙසිස්ටන්ස් ලෙවල්ස් සහ ඒ අතර මැද mid ලෙවල් එක, වඩාත් පහසුවෙන් හදුනා ගැනීම පිණිස, දකුණු අත පැත්තට extend වී පෙන්වනවා.
එහි support ලෙවල් එක S අකුරෙනුත් resistance ලෙවල් එක R අකුරෙනුත්, ඒ දෙක අතර මැද Mid ලෙවල් එක M අකුරෙනුත්, සළකුණු කොට තිබෙනවා.
ඉන් පසුව ඇත්තේ, Show S/R Prices යන්න යි. එය ඔන් කළ විට, Support, Resistance සහ Mid ලෙවල් වලට අදාළ, Price අගයන් හරියට ම බලා ගැනීමේ අවස්ථාව ලැබෙනවා.
මී ළගට තිබෙන Label Distance යන අගයෙන්, ඔබට Price Labels කොතරම් දුරින් පෙන්නුම් කළ යුතු ද යන්න, ඔබ කැමති පරිදි සකස් කර ගත හැකි යි.
ඊ ළගට තිබෙන Label Decimal Points යන්නෙන්, Price Label එක දශමස්ථාන කීයකින් පෙන්නුම් කළ යුතු ද යන්න ත්, Label Size එක මගින් Label එකේ විශාලත්වය කොපමන විය යුතු ද යන්න, ඔබට කැමති පරිදි වෙනස් කරගත හැකි වෙනවා.
ඉන් පසු R Color සහ S Color ලෙස පෙන්වා ඇති වර්ණයන්ගෙන්, ඔබට support සහ Resistance ලෙවල් වල පාට ඔබ කැමති පරිදි, වෙනස් කරගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.
ඉන් පසු දිස් වෙන Extend S/R Levels to the right යන්න ඔන් කළ විට, Support, Resistance සහ Mid ලෙවල් සම්පූර්ණයෙන් ම දකුණු අත පැත්තට, දීර්ඝ කරගැනීමේ අවස්ථාව ලැබෙනවා.

FGI Trend
මී ළඟට Trend යන ගෘප් එක යටතේ තිබෙන්නේ, FGI Com ඉන්ඩිකේටර් එකෙන් පෙන්වනු ලබන Trend එකට අදාළ Settings වේ.

එම Line එකෙන් Market එකේ Trend එක, නො එසේ නම්, දිශානතිය පෙන්නුම් කරනවා. Bullish Trend එක නිල් පාටිනුත් Bearish Trend එක දම් පාටිනුත් ඔබට දැක ගත හැකි යි.
FGI Com ඉන්ඩිකේටර් එකේ Mid ලෙවල් එක වන්නේ ද මෙම Trend එක මයි.
ඉන් පසුව තිබෙන Show Trend Change යන්න ඔන් කළ විට, චාර්ට් එකේ Bull T සහ Bear T යනුවෙන් ලේවල් දෙකක් දර්ශනය වෙනවා.
Market එකේ Trend එක bearish ලෙස තිබී, Bullish පැත්තට මාරු වූ විට, Bull T යන්නත්, Bullish ලෙස තිබී, Bearish පැත්තට මාරු වූ විට, Bear T යන ලේබල් එකත්, චාර්ට් එකේ දිස් වෙනවා.
ඉන් පසු තිබෙන Show Swing Trend යන්න ඔන් කල විට, Swing Trade සිදු කිරීම සඳහා භාවිතා කළ හැකි, Market Trend එක පෙන්වනවා. එහි බුලිෂ් ට්‍රෙන්ඩ් එක නිල්පාටිනුත්, Bearish Trend එක රතුපාටිනුත්, දර්ශනය වෙනවා.

S and R letters (Areas of Interest)
ඉන්පසු තිබෙන, Show Areas of Interest (Ss and Rs) ඔන් කළ විට, චාර්ට් එකේ ඇතැම් Candle වලට උඩින් R අකුරුත්, ඇතැම් Candle වලට යටින්, S අකුරුත් දර්ශනය වෙනවා.

මෙම S/R අකුරු, ට්‍රේඩ් කිරීමේ දී ඉතාම වැදගත් වෙනවා. මේවා ට්‍රේඩ් වලට යොදා ගන්නා ආකාරය, ඉදිරියේ දී ගෙන එනු ලබන වීඩියෝ වලින් පැහැදිලි කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
මී ළඟ වීඩියෝ එකෙන් අපි FGI Com ඉන්ඩිකේටර් එකේ සෙටිංස් සම්බන්ධයෙන්, තවදුරටත් පැහැදිලි කර ගනිමු.
ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා! ඔබට සුභ දිනයක් පාර්ථනා කරනවා.
latest video
news via inbox
Nulla turp dis cursus. Integer liberos euismod pretium faucibua