How to Add FGI Com to the TradingView – FGI Lessons – 01

Last Updated: February 15, 2025By

A new Beginning – Fibonacci Golden Indicator

FGI ඉන්ඩිකේටර් එකේ කටයුතු පවත්වාගෙන යෑමත්, දියුණු කිරීමත්, කණ්ඩායමක් මගින් සිදු කරගෙන යන නිසා, FGI ඉන්ඩිකේටර් එක භාවිතා කරන ආකාරය සහ ඉන්ඩිකේටර් එක ට්‍රේඩ් කරන්න භාවිතා කළ හැකි නව ක්‍රමවේදයන් ඇතුළු සියල්ල ම ඇතුළත්, අලුත්ම පාඩම් මාලාවක් ඔබ වෙත ගෙන එන්නට තීරණය කරල තිබෙනවා.

ඒ යටතේ තමයි, මේ පාඩම් මාලාව ඔබ වෙත ගෙන එන්නේ.

අද අපි ඔබට කියල දෙන්නේ, FGI ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්නෙ කොහොම ද කියන එක යි.

FGI ඉන්ඩිකේටර් එක භාවිතා කළ හැක්කේ, TradingView platform එක තුළ පමණයි. TradingView එක ඔස්සේ විෂ්ලේශනය කරගෙන, Binance / Bybit වැනි ඔ්නෑම Trading platform එකක් තුළ, ඔබට Trade කළ හැකි යි.

මේ නිසා FGI ඉන්ඩිකේටර් එක භාවිතා කරන්න නම්, ඔබට Tradingview Account එකක් තිබිය යුතු යි. ඒසේම Trading View එක භාවිතා කරන ආකාරය ගැන, මූලික දැනුමත් තිබීමත් වැදගත් වෙනවා.

ඒ සම්බන්ධ බොහෝ වීඩියෝ youtube එකෙන් ඉතා පහසුවෙන් සොයා ගත හැකි යි. FGI ඉන්ඩිකේටර් එක Trading View Free Account වලත් භාවිතා කරන්නට පුලුවන් නිසා, Tradingview paid Plan ලබා ගැනීම අත්‍යාවශ්‍ය වන්නේ නැහැ.


ඉන්ඩිකේටර් එකේ කටයුතු ගැටලුවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යන්නටත්, ඉන්ඩිකේටර් එක තව දුරටත් ඉදිරියට දියුණු කරන්නටත් අවශ්‍ය නිසා, FGI එක ලබා දෙන්නේ, ඉතාම සුලු දායකත්ව ගාස්තුවක් යටතේ යි.

ඒ සම්බන්ධ විස්තර මෙම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ ඇති, ටෙලිග්‍රෑම් අයි ඩී එකට පණිවිඩයක් එවීමෙන් ලබා ගත හැකි යි.

ඒසේ දායකත්වය දැක්වීමෙන් පසුව, අපි විසින් ඔබේ Trading View යූසර් නේම් එකට, ඉන්ඩිකේටර් එක භාවිතා කිරීමට අවශ්‍ය අවසරය, ලබා දෙනවා.

ඇඩ් කරගන්නා ආකාරය!

එ‌සේ අවසරය ලබා දුන් පසු, ඉන්ඩිකේටර් එක ට්‍රේඩිං වීව් වෙත ඇඩ් කරගැනීම පිණිස ඔබ කළ යුත්තේ, Tradingview වල Indicators ඇඩ් කරගන්නා ස්ථානය වෙත යෑම යි. 

එ‌සේ අවසරය ලබා දුන් පසු, ඉන්ඩිකේටර් එක ට්‍රේඩිං වීව් වෙත ඇඩ් කරගැනීම පිණිස Indicators වෙත ගිය පසු,  ඔබට එහි මෙනු එකෙහි වම් අත පැත්තේ යටින් ම අලුතින්, Invite Only යනුවෙන් මෙනු එකක් පෙන්වනවා. මෙම මෙනු එක පර්මිශන් දෙන්නට පෙර පෙන්වන්නේ නැහැ.

Invite Only ලෙස සඳහන් ස්ථානය ක්ලික් කළ විට, එහි Fibonacci Golden Indicator – Combined (FGI Com) ලෙස, FGI ඉන්ඩිකේටර් එක පෙන්වනවා.
ඔබ කළ යුත්තේ, Tradingview වල Indicators ඇඩ් කරගන්නා ස්ථානය වෙත යෑම යි. 

ඔබ කළ යුත්තේ එය මත ක්ලික් කිරීමයි. එම නම ඉදිරියෙන් ලොක් එකක සළකුණක් පෙන්නුම් කරන නමුත්, එය කොල පාටට දිස් වන්නේ නම්, කිසිම ගැටලුවක් නැතිව, ඔබට ඉන්ඩිකේටර් එක ඔබේ චාර්ට් එකට ඇඩ් කරගත හැකි යි.

ඒ අයුරින් ඉන්ඩිකේටර් එක චාර්ට් එකට ඇඩ් කරගත් පසුව, එය මේ ආකාරයට දිස් වෙනවා.

සැළකිලිමත් විය යුතු කරුණු!

පර්මිශන් ලබා දීමෙන් පසුවත් ඉන්ඩිකේටර් එක පෙන්නුවේ නැත්නම්, එවිට ඔබ කළ යුත්තේ TradingView වලින් Log out වී, ඔබ භාවිතා කරන බ්‍රව්සර් එකේ history එක ක්ලියර් කිරීමෙන් පසුව, නැවත Tradingview වලට ලොග් වීම යි.

ඉන්ඩිකේට් එක ඇඩ් කරගත් පසුව Error එකක් පෙන්නුවහොත්, ඔබට දේවල් දෙකක් කළ හැකි අතර, පළමුවෙන් Time Frame එක මාරු කර බැලිය හැකි යි. එවිටත් Error එක දිස් වන්නේ නම්, එවිට කළ යුත්තේ, ලොග් අවුට් වී නැවත ලොගින් වීම යි.

ඉන්ඩිකේටර් එක ඇඩ් කරගැනීමේ ගැටලුකාරී තත්වයක් ඇති වුවහොත් හෝ, ඒ සම්බන්ධ වෙනත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් හෝ, පහත විස්තරයේ දක්වා ඇති Telegram එක ඔස්සේ, අපව සම්බන්ධ කරගත හැකියි. 

අපි මී ළග වීඩියෝ එකෙන් FGI ඉන්ඩිකේටර් එකේ මූලික settings සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් ඉගෙන ගනිමු.

ඉදිරියේ දී මෙම චැනල් එක ඔස්සේ, FGI එක භාවිතා කරමින් trade කළ හැකි නව ක්‍රම ඇතුළු Trading සම්බන්ධ බොහෝ තොරතුරු, ඔබ වෙත ගෙන එන නිසා,  චැනල් එක Subscribe කර තබා ගන්නා මෙන් ද ඉල්ලා සිටිනවා.

ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා! ඔබට සුභ දිනයක් පාර්ථනා කරනවා. 

latest video

Mail Icon

news via inbox

Nulla turp dis cursus. Integer liberos  euismod pretium faucibua

Leave A Comment